Friday, June 25, 2021
Home Uncategorized Covid 19 ආරම්භය හා ව්‍යාප්තිය

Covid 19 ආරම්භය හා ව්‍යාප්තිය

Covid 19  මුල් ආරම්භක ස්ථානය ලෙස චිනයේ හුබෙයි පළාතේ වුහාන් නගරය ප්‍රකාශයට පත් විය. එය මුලින් ම ප්‍රචාරය කරන ලද්දේ 2019 දෙසැම්බර් මස ලෝක සෞඛ්‍ය සංවිධානය විසිනි. එසේම මෙම වෛරසය ගෝලීය සෞඛ්‍යය හදිසි අවස්ථාවක් ලෙස නම් කරනු ලැබුවේ 2020 ජනවාරි මසයි. එමෙන්ම 2020 මාර්තු මස WHO විසින් මෙම වෛරසය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම වෛරසය ආසාදනය විය හැකි ක්‍රම කිහිපයකි.

ආසාදිත පුද්ගලයෙකුගේ කැස්ස කිවිසුම් හෝ හුස්ම හෙළන විට  ඇතිවන ජල බිඳිති මගින්.

වෛරසය මතුපිටට වැටී ඇති පෘෂ්ඨයක් ඇල්ලූ පසු නාසය , මුඛය ,ඇස් ඇල්ලීමක් කළහොත් ඉතා ඉක්මනින් ශරීරගත වී ආසාදනය විමට වැඩි ප්‍රවණතාවක් ඇත.

ආසාදිත වූවන්ගේ පොදු ලක්ෂණ

  • උණ /වියලි කැස්ස
  • වෙහෙස
  • කැක්කුම සහ වේදනාව
  • උගුරේ වේදනාව
  • පාචනය
  • හිසරදය
  • රස නොදනිමි
  • සුවඳ නොදනිමි
  • රෝගය උත්සන්න වූ විට ඇතිවන රෝග ලක්ෂණ
  • හුස්ම ගැනීමේ අපහසුතාව
  • පපුවේ වේදනා හෝ පීඩනය

(මෙම රෝග ලක්ෂණ මතු වීම සඳහා ආසාදිත දිනයේ සිට දින පහක් හයක් ගත වේ. සමස්ත ලක්ෂණ දින දාහතරක් ගත වූ පසු දිස්වේ.)

නිතර පිළිපැදිය යුතු සෞඛ්‍ය පුරුදු?

හැකි සැමවිටම දෑත් පිරිසිදුව තබා ගැනීම. නිතරම විසබීජ නාශක දියර හෝ සබන් යොදා දැන් පිරිසිදු කිරීම. සමාජ දුරස්ථභාවය තබාගැනීම මගින් ඔබට අනෙකාගෙන් ඇතිවන බලපෑම අවම කරගත හැක. අවම මීටරයක පරතරයක් හෝ තබා ගැනීම තමා සතු වගකීමකි. හැකි සෑම විටම සමාජ දුරස්ථ භාවයෙන් යුක්තව කටයුතු කරන්න. නිතරම කිවිසුම් හෝ කැස්ස එනවිට  දෑත වෙනුවට වැලමිට භාවිතා කරන්න. ඔබේ මුහුණ නාසය කට ස්පර්ශ කිරීමෙන් වළකින්න.

වෙනදා මෙන් ජනතාව ගැවසෙන ස්ථාන වල රැඳී සිටීමෙන් වළකින්න. නිතර ස්පර්ශ වන භාණ්ඩ හා පෘෂ්ඨ මතුපිට පිරිසුදු කර විෂබීජ හරණය කරන්න. නිතර උණු වතුර පානය කරන්න.( අවම දිනකට හය වරක්වත්) සෑම විටම මුඛ ආවරණ පළඳින්න.

 වෛරසය පාලනය කරන්න ආහාර උදව් වෙනවද?

ඔබේ ශරීරයට ප්‍රතිඔක්සිකාරක ලබා ගැනීමට ඔබ දිනපතා නැවුම් හා සැකසු ආහාර ලබා ගැනීම ඉතා වැදගත්. විටමින් ඛනිජ ආහාරමය තන්තු ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගැනීමට වග බලාගන්න. නිතර ජලය පානය කරන්න. පහත සඳහන් ආහාර ගැනීම වඩා හිතකර වේ.

පරිප්පු /බෝංචි /බඩඉරිඟු /මිනේරි /තිරිගු/ අල /මස්/ මාලු/ බිත්තර කිරි නැවුම් එළවළු/පලතුරු

ප්‍රතිකාර තියෙනවද? මෙම කොරෝනා වෛරසය නව වෛරසයක් නිසා ඇතිවූ රෝගී තත්වයක් නිසා නිශ්චිත ප්‍රතිකාරයක් හෝ ඖෂධයක් නොමැත. රජය ලබා දෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න නිතර තමාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න.

උපුටාගැනීම අන්තර්ජාලයෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »