Friday, June 25, 2021
Home Uncategorized ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ මහා නායක අග්‍ර මහා පණ්ඩිත අති පූජ්‍ය...

ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ මහා නායක අග්‍ර මහා පණ්ඩිත අති පූජ්‍ය නාපානේ ‌ප්‍රේමසිරි මහානායක ස්වාමින් වහන්සේගේ ජීවිතයෙන් බිදක්.

ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ මහා නායක අග්‍ර මහා පණ්ඩිත අති පූජ්‍ය නාපානේ ‌ප්‍රේමසිරි මහානායක ස්වාමින් වහන්සේ 2020 නොවැමිබර් 17 වන දින අපවත් වුණා. 2020 නොවැමිබර් 22 වරාපිටිය බණ්ඩාරණායක පාසල් භූමියේදී උන්වහන්සේගේ ආදාහන කටයුතු සිදු කෙරුණා.

උන්වහන්සේගේ ජීවිතයෙන් බිදක්,

      පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ 98 වන වියේ පසුවුණා. උන්වහන්සේ හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙනේ විහාරාධිපතිය. ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ 13 වන මහානායක ස්වාමින් වහන්සේය. උන්වහන්සේගේ පියා මහනුවර පාතදුමිබර උඩුගමිපහ නාපාන ග්‍රාම‌යේ ඒ්කනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර කිරිබණ්ඩාර නිලමෙිය. උන්වහන්සේගේ මව වන්නේ මීයන්ගොඩ හිටි බණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේය.උන්වහන්සේ 1923.11.30 වන දින උපත ලැබුවෙිය.උන්වහන්සේගේ ගිහි නම ඒ්කනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර ටිකිරිබණ්ඩාර ය.උන්වහන්සේ මූලික  අධ්‍යාපනය වලල පාසලෙන් ලැබ ගුන්නෑපාන අමුණුගම මහ විදුහලෙන් වැඩිපුර අධ්‍යාපනය ලැබුවා.1933 වසරේදී තෙරිපැහැ සිරි සීලවංශ නාහිමියන්ගේ ආචාරිත්වයෙන් නාපානේ ප්‍රේමසිරි නමින් ශිෂ්‍ය වරයෙක් ලෙසින් සසුන් ගත වුණා. කොළඹ වැල්ලවත්ත ශ්‍රී  ධර්මෝදය පිරිවෙනට 1935 ඇතුලත් වුණා.

                          ප්‍රාචීන,ප්‍රාරමිභ,මධ්‍යම අවසාන රාජකීය පණ්ඩිත විද්‍යා විශාරද විභාග වලින් සමත් වුණා.උපසමිපදාව ලැබූ වර්ෂය වනුයේ 1943 යි. ගුරැ වෘත්තිය 1945 නිටිටඹු විද්‍යානන්ද පරිවෙිණාස්ථයෙන් ආරමිභ කළා.ගිහි පැවදි විශාල පිරිසකට පාලි,සිංහල,සංස්කෘත,බුද්ධධර්මය විෂයන් ඉගැන්නුවා. පලමු පරිවෙිනාධිපති ලෙස මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පරිවෙිණස්ථානය උන්වහන්සේ 1967 දී ආරමිභ කළා.

මහනුවර ප්‍රාදේශිය සංඝ සභාවෙි සභාපති ධූරය 1980 දී

ශ්‍රී  ලංකා රාමාඤ්ඤ  මහා නිකායේ සංඝ සභාවෙි ලේඛාධිකාරි පදවිය 1986 දීද

රාමාඤ්ඤ නිකායේ සංඥා ලේඛාධිකාරි ධූරය 1987 දීද

අධිකරණ සංඝනායක පදවියට 1998 දීද පත්වූය.

මියන්මාර රාජ්‍යයෙන් අග්‍ර  මහා පණ්ඩිත ‌ගෞරව උපාධිය 2008     වසරේදි පුද කරනු ලැබුවා. රාමාඤ්ඤ මහා නිකායේ අතිගරැ මහානායක පදවියට වෙිවැල්දෙණියේ මෙිධාලංකාර මහානායක හිමියන්ගේ අපවත් වීමෙන් පසු උන්වහන්සේ පත්කරනු ලැබුවා.කුණ්ඩසාල වරාපිටිය බෝධිරැක්කාරාමය, පල්ලේකැලේ සීලවංශ බෞද්ධ මධ්‍යස්ථානය, හාමින්දාගොඩ සිරි සුමනාරාමය,ලුණුවිල සදගිරි ලෙන් විහාරය, රජවැල්ලේ ශ්‍රී පූර්වාරාමය, අලුත්වත්ත මිහිදු ධර්ම පීඨය ආදී විහාරස්ථාන රාශියක් ඉදි කරලීම සදහා උන්වහන්සේ මාර්ගෝපදේශ ලබා දුන්හ.

                    98 වසරක් ආයු වලදා අපවත් වූ උන්වහන්සේට අමා මහා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »