Friday, June 25, 2021
Home World 21 වන සියවසේ නෞකාව Titanic II

21 වන සියවසේ නෞකාව Titanic II

ටයිටැනික් නෞකාව, 1912 වයිට් ස්ටාර් ලයින් නැව් සමාගම නිපදවූ නෞකාව වසර 107කට පෙර අත්ලාන්තික් සාගර පත්ලේ ගිලී ගියා. 1912/04/14 වැනිදා Titanic නැව අයිස් කුට්ටියක වැදීමෙන් සම්පූර්ණයෙන්ම මුහුදුබත් වී ගියා. ඉහළම ඉංජිනේරු තාක්ෂණයෙන් නිපදවා තිබූ විශාලතම චලනය වන වස්තුව වූයේද Titanic නැවයි. කිසිදා නොගිලෙන නෞකාවක් ලෙස ද ටයිටැනික් නෞකාව සැලකුණා. එයට හේතුව, සාගරයේදී සිදුවිය හැකි දරුණුම අනතුර වන්නේ නෞකා 2 ක් එකිනෙක ගැටීමයි. එවැනි අනතුරක් සිදු වුවහොත් මුහුදේ දින 2-3 ක් සුරක්ෂිතව පාවෙමින් තිබෙන ආකාරයටයි. Titanic නැව නිර්මාණය කර තිබුණේ. එම කාලය වෙනත් නැවක සහය ලබාගන්න ප්‍රමාණවත්.

නෞකාව අඩි 900 ක් දිගින්

මහල් 25ක කින්

ටොන් 46000 ක ස්කන්ධයකින්ද සමන්විත වුණා

2227ක මගීන් පිරිසක් මෙහි සිටි නමුත් ගමනාන්තය වෙත ළඟා වූයේ තුනෙන් එකකටත් අඩු  පිරිසක් පමණයි. රාත්‍රී 11.40ට අයිස් පර්වතය හා වේගයෙන් ගැටුණු අතර  නැවේ ඉදිරි කොටස දක්වාම 2.00 පමණ වනවිට ජලය පිරී තිබුණා. එක්වරම නැවේ අවරපෙති සහිත කොටස ජලයෙන් ඉහළට එසවුණා. නෞකාව විශාල ස්කන්ධයකින් යුක්ත වූ නිසා මගින් මැදින් දෙකට වෙන්වුණා. මිනිසා නිපදවූ විශාලතම චලනය වන වස්තුව එසේ අවසන් ගමන් ගියා. මගීන් 2227 න් 1517  කට මුහුදු පතුලේ වැලලෙන්න ට සිදු වුණා.

මේ වකවානුවේ මෙම නැව නිර්මාණය කිරීමට ගියහොත් අඩුම තරමේ ඩොලර් මිලියන 400ක්වත් වැය වෙයි. ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙක් වන Clive Palmer මේ නෞකාවට ටයිටැනික් 2 නමින් නැවතත් පුනරුප්පත්තිය ලබාදීමට වැඩ කටයුතු ආරම්භ කර ඇත.

ඕස්ට්‍රේලියානු බ්ලූ ස්ටාර් ලයින් නැව් සමාගමට මේ යාත්‍රාව අයත් ය. 2022 දී ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තුව ඇත.

අලුතෙන් ටයිටැනික් 2 නැව තනන බ්ලූ ස්ටාර් ලයින් සමාගමේ ප්‍රධාන මූලස්ථානය පැරිස්වල පිහිටුවා ඇත. Clive Palmer මෙම ටයිටැනික් 02 ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ 2012 වර්ෂයේදීය. අයිස් කුට්ටියක ගැටී මුහුදු බත්වූ ටයිටැනික් නෞකාවේම ප්‍රතිනිර්මාණයක් ලෙස මෙම අලුත් නෞකාව සකස් කොට ඇත. නමුත් එහි ආරක්ෂාව සහ මගී ආරක්ෂාව සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත. මගීන් 2700කට ජීවිත ආරක්ෂක යාත්‍රා පහසුකම් සකසා තිබෙනවා.

මගීන් 1680කට පහසුවෙන් ගමන් කළ හැකි මෙහි උපරිම මගී ධාරිතාවය 2435ක් වන අතර මගීන් 1680කට පහසුවෙන් ගමන් කළ හැකි. කාර්ය මණ්ඩලයට සේවකයන් 900ක් අයත් වනවා. මෙහි පාලක මැදිරිය නවීන ඩිජිටල් තාක්ෂණයෙන් බලගන්වා ඇත. සැටලයිට් සහ රේඩාර් සඥා පද්ධතිය නවීනම තාක්ෂණික ප්‍රමිතීයට සකස් කොට ඇත.

දිග මීටර් 270ක්,

උස මීටර් 53ක්,

බර ටොන් 40000කි,

තට්ටු 9ක්,

මගී කාමර 840ක්,

සුඛෝපභෝගී ව්‍යායාම ශාලාවක්,

පිහිනුම් තටාකයක්,

පුස්තකාලයක්,

සුපිරිම ගණයේ භෝජන ශාලා සහ කාමර පිහිටා ඇත.

මුල් ටයිටැනික් නැවේ පිටත හා අභ්‍යන්තර අලංකරණය කර තිබූ ආකාරයටම මෙම ටයිටැනික් II යාත්‍රාවේද නිර්මාණය කර ඇත.

පළමු ටයිටැනික් නෞකාව මුහුදු බත් වී දැනට වසර 106ක් ගතවේ. මෙම ටයිටැනික් II නෞකාව 21 වන සියවසේ නෞකාව ලෙස හඳුන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »