Friday, June 25, 2021
Home Strategy Hot News ඊයේත් දිගනට සුළු භූ කම්පන තුනක්.

ඊයේත් දිගනට සුළු භූ කම්පන තුනක්.

ඊයේ (05) පස්වරුවේ දිගන ප්‍රදේශය ආශ්‍රිතව තවත් සුළු භූ කම්පන තුනක් සිදුවී තිබේ. ඒ පස්වරු 4.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ ය.

එම කම්පන වික්ටෝරියා ජලාශයේ භූ කම්පන මාපකවල සටහන්ව ඇත.

භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය එම කම්පන රික්ටර් මාපක ඒකක 2ට අඩු අගයක් බව සඳහන් කරයි.
පසුගිය මාසයක පමණ කාලය තුළ මෙම ප්‍රදේශය ආශ්‍රිතව මෙවැනි සුළු භූ කම්පන 06ක් පමණ සිදුවී තිබේ.

දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව ද ඊයේ උදෑසන 05.41කට පමණ භූ චලනයක් සිදුවී තිබුණි.

එය රික්ටර් මාපක ඒකක 02ක ප්‍රබලත්වයක් ලෙස පල්ලෙකැලේ සහ මහකනදරාව භූ කම්පන මධ්‍යස්ථානවල සටහන්ව තිබූ බව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයේ ප්‍රකාශකයෙකු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »