Friday, June 25, 2021
Home Strategy Hot News පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ නෙදර්ලන්ත ජාතික හිමි නමගේ අභිරහස් මරණය

පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ නෙදර්ලන්ත ජාතික හිමි නමගේ අභිරහස් මරණය

රත්ගම කලපුවේ පිහිටි පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ නෙදර්ලන්ත ජාතික 56 හැවිරිදි මෙම හිමි නම ජිනවංශ නමින් පැවිදිව මෙරට ස්ථිර පදිංචිය පිණිස වැඩමවා භාවනානුයෝගීව මෙම ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරමින් සිටි බව පැවසේ.

එහි තවත් ආරණ්‍යවාසී විදේශීය භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම වැඩ සිට ඇත.
ගොඩබිමේ දායකයින්ගෙන් පින්ඩපාතය ලබාගැනීම පිණිස දූපතේ සිට ගොඩබිමට ඔරුවක් පැදගෙන තනිවම පැමිණි උන්වහන්සේ 5 වනදා පිණ්ඩපාතයට වැඩමවා යලි නොපැමිණීම නිසා උන්වහන්සේ සොයන්නට ආරණ්‍ය සේනාසනයේ පිරිස පටන්ගෙන ඇති අතර සිරුර හමුවූයේ දින 3 කට පසුය. (08වනදා)

උන්වහන්සේගේ සිරුර කලපුවේ පාවෙමින් තිබෙනු ප්‍රදේශවාසීන් දැක ඇති බව පොලීසිය සඳහන් කළේය.
උන්වහන්සේ අභිරහස් ලෙස ඝාතනය කර ඇති බව සාක්ෂි අනුව හඳුනාගෙන තිබේ.

එදිනම සවස උන්වහන්සේගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහල වෙත යවා ඇති අතර
මෘත දේහය පී.සී.ආර්. පරීක්ෂණයක් කර අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන බව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය,

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය විමර්ශන සිදු කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »