Friday, June 25, 2021
Home Uncategorized නීතීඥ රොහාන් පල්ලේවත්ත මහතා සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදු...

නීතීඥ රොහාන් පල්ලේවත්ත මහතා සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට සුදානම්

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂක නීතීඥ රොහාන් පල්ලේවත්ත මහතා අද (24) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අතර සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට තීන්දු කළේය. කීර්තිමත් ව්‍යාපාරිකයෙකු මෙන්ම වෘත්තියවේදී ව්‍යවසායකයෙකු ලෙසද ඒ මහතා ප්‍රකටය.බියගම නිදහස් වෙළඳ කලාපයේ ක්‍රියාත්මක ආයෝජන මණ්ඩලය (BOI) අනුමත ආරම්භක උසස් තාක්ෂණික සමාගමක් වන ලංකා හාර්න්ස් (Lanka Harness) සමාගමේ විධායක සභාපති ලෙසද හෙතෙම කටයුතු කරයි. ලෝ ප්‍රසිද්ධ සුපිරි වාහන වන Toyota , Honda , Volvo , BMW , Aston Martin , Opel වැනි සි‍යලූම වාහන වල එයා(ර්) බෑග් සෙන්සර් නිෂ්පාදනය කරන්නේ ඒ මහතාගේ ආයතනය මගිනි.කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශේෂ උපාධිය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය, එංගලන්තයේ බෝල්ඩන් සරසවියේ ආචාර්ය උපාධිය ලබා ඇති ඒ මහතා කීර්තිමත් බුද්ධිමතෙකි.ඒ මහතා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද පත්වනු ඇති අතර සමගි ජන බලවේගයේ විදේශ ප්‍රතිපත්ති සහ විදේශ වෙළෙඳ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ප්‍රධානියෙකු ලෙසද ඒ මහතාට වගකීම් පැවරේ. එමෙන්ම සමගි ජනබලවේගයේ වෘත්තියවේදී සංගමයේ ප්‍රධානියෙකු මෙන්ම, සමගි ජන බලවේගයේ ප්‍රධාන උපදේශකයෙකු ලෙසද ඒ මහතා ට වගකීම් පැවරේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »