Friday, June 25, 2021
Home Strategy Hot News අම්පාර පානමට කඩාවදින කොටියා

අම්පාර පානමට කඩාවදින කොටියා

කොටියාගේ ප්‍රහාරයට ලක්ව ඉකුත් 30වැනිදා ගම්වාසියෙකු ජීවිතක්ෂයට පත්වූ අතර අම්පාර පානම ගම්මානයේ සිට කිලෝ මීටර් 14ක් දුරින් පිහිටි කැලෑබද ප්‍රදේශයක දී 30 වැනිදා මෙම ප්‍රහාරය සිදුව ඇත.

කොටි ප්‍රහාරයක් ඊයේත් (01) එම ප්‍රදේශයෙන් වාර්තා විය.

බරපතළ තුවාල ලැබූ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහූ හැලව කුඹුරු යායේ ගොවිතැන් සඳහා පිටත්වූ දෙදෙනෙකුගෙන් අයෙකි.

ප්‍රදේශවාසීන් පවසන්නේ කුමන අභය භූමියේ සිට මෙම කොටියා ගම්වදින බවයි.

ඊයේ පස්වරු 6.30ට පමණ කොටියා එම ප්‍රදේශයේම තවත් පිරිසක් වෙත කඩා වැදී ඇති අතර එක් අයෙකුගේ ගෙල සපා කෑ බව වාර්තා වේ.

තුවාල ලැබු පුද්ගලයා පොතුවිල් මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

පානම වනජීවී කාර්යාලට කුපිත වූ ප්‍රදේශවාසීන් ඊයේ රාත්‍රී යේ පහරදී දැඩි අලාභ හානි සිදුකර තිබුණි. පුද්ගලයින් පස්දෙනෙක් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

අම්පාර දිසාපති ජී.එම්.එල්.බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සෙංගමුව යුද හමුදා කඳවුරේදී අද පැවති සාකච්ඡාවේදී පවතින තත්ත්වය හමුවේ ගම්වාසීන්ට යුද හමුදා ආරක්ෂාව ලබාදීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Must Read

ප්‍රථම වතාවට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක්.

රුසියාව අද ලොව පළමු වරට මනුෂ්‍යයින්ට කුරුළු උණ සම්ප්‍රේෂණය වීමේ සිදුවීමක් සම්බන්ධයෙන්අනාවරණය කර ගත් බව නිවේදනය කර සිටියා. පසුගිය...

දෙවන රැල්ලේ තවත් කොරෝනා ආසාදිතයින් 254 ක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 254 දෙනෙකු වාර්තාවූ බව පවසනවා.

රු.1000 දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළට

තේ සහ රබර් සදහා වන පඩිපාලක සභා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල...

පෞද්ගලික බස් සංගම් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නාවා.

පෞද්ගලික බස් සංගම් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා....
Translate »